Thursday, August 8, 2013

සුපිරි වෙළදසැලේ කිරිපිටිවලඩී.සී.ඩී.සොයා...............
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතාගේ උපදෙ පරිදි කොළඹ සුපිරි වෙළෙඳසලක අලෙවියට තබා තිබූ ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂපාදනවල සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ මහ නගර සභාවේ ආහාර පරීක්ෂක නිලධාරීන් විසින් සූදානම් කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ආන්දෝලනයට තුඩු දී ඇති ඩයිසයිනමයිඞ් (ඩී.සී.ඩී.) නමැති විෂ රසායනිකය අඩංගු බවට තහවුරු වූ කිරිපිටි මොනවාද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. තහනම් කරන ලද වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා නිවේදනය කර ඇති කිරිපිටි ඛාණ්ඩ පහත දැක්වෙයි.

 ඩී.සී.ඩී. අඩංගු බව තහවුරු වූ කිරිපිටි වර්ග මෙන්න...

1. ඇන්කර් 1+ - ඛාණ්ඩ අංකය 107610163 - ෆොන්ටෙරා සමාගම
2. ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි - ඛාණ්ඩ අංකය 0605c0883 11:21 - ෆොන්ටෙරා සමාගම
3. මැලිබන් යොදය රහිත කිරිපිටි - ඛාණ්ඩ අංකය 13074A1 - මැලිබන් කිරි නිෂ්පාදන පුද්ගලික සමාගම
4. ඩයමන්ඞ් කිරිපිටි - ඛාණ්ඩ අංකය NWIFIPDXI පී.එම්.මොහොමඩ් අලි සහ සමාගම.
උපුටා ගෑනීම - Anura S. Liyanage Target-news -Thursday, 08 August 2013- (ඡායාරූප - මධුසංඛ සිරිවර්ධන) page ekeni.


උපුටා ගැනීමකි  www.gannadeshiyade.co


No comments:

Post a Comment